අසල්වැසි ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට යන ඩොලර් මිලියන 55ක යූරියා මෙට්රික් ටොන් 65000 ක ප්රමාණය ප්රමිතියෙන් බාල තත්වයේ ඒවා යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කළේය.
මෙම ඉන්දියාවෙන් ගෙන්වන පොහොර මෙරට ප්රමිතියට අනුකූල නොවන බවත් ඒවා මෙරට වගාවට නුසුදුසු බවත් අනුර කුමාර හෙතෙම සදහන් කළේය.
මෙම නොගැළපෙන පොහොර සංයුතිය පිළිබඳ කාරණයට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමේ සූදානමක් ඇති බවද අනුර කුමාර මෙහිදී සදහන් කළේය.
ආනයනය කරන පොහොර පැළ ගොයමට යෙදුවහොත් මුල් කුණු වෙන බව කෘෂි විශේෂඥයන් තමන් සමග පැවසූ බවද අනුර කුමාර දිසානායක සදහන් කළේය.