පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇතැයිද එම තොරතුරු වාර්තා කරයි.
මෙම ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු ආර්ථිකය, ආයෝජන ප්‍රවර්ධන වැනි ආර්ථිකයට අදාල ප්‍රබල අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවද වාර්තා වේ.