ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබුණු අතර එය මාධ්‍යයට විවෘත නොවීය.
අදාලව මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාදීමට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ බිරිය, ඔවුන්ගේ සමාගමක අධ්‍යක්ෂවරයකු වූ ත්‍රිස් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවන් දෙදෙනකු මෙලෙස සාක්ෂි ලබාදීමට අධිකරණයට පැමිණ ඇත.
මෙම අභිරහස් ඝාතනයේ පරීක්ෂණ සාක්ෂිය දහවල් 12.30 ට පමණ කැදවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියගේ නිල මැදිරියේදීය.