මෙරට අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලය සියලුම වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම වෘත්තිය සමිති සඳහන් කළේය.ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ පනතක් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට විරුද්ධව මෙම වැඩවර්ජනය සිදුකරන බව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කැඳවුම්කරු රංජන් ජයලාල් සදහන් කළේය.
මෙම පනත සම්බන්ධයෙන් කිසිදු වෘත්තීය සමිතියක් සමග අදහස් සාකච්ඡාවක් සිදු කර නැතැයි ද කැදවුමිකරු රංජන් ජයලාල් සදහන් කළේය.ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කරන්නේ හෙට අලුයම වන විට ලංකාව පුරා සියලුම බලාගාර ක්‍රමානුකූලව අක්‍රීය වනු ඇති බවය.
මෙම විරෝධතාව නොතකා පනත සම්මත කළහොත් මෙම වැඩ වර්ජනය දිගටම පවත්වන බවද ඔහු සදහන් කළේය.එහිදී අත්‍යවශ්‍ය සේවා සඳහාද විදුලි බලය නොලැබෙනු ඇති බවද පැවසූ වෘත්තිය සමිති නියෝජිතයෝ අත්‍යවශ්‍ය සේවාවන්හි පවතින විදුලි උත්පාදන යන්ත්‍ර ඒ සඳහා භාවිතා වනු ඇති බවද සදහන් කළේය.