රටේ පවතින අර්බුදකාරි තත්ත්වය යටතේ ජනතාව මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරිම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
පෙට්‍රල්,ඩීසල් සහ ගෑස් ලබාගැනීම සඳහා පැය ගණන් හෝ දින ගණන් පෝලිම්වල බලා සිටින අතර මෙම තත්ත්වය හමුවේ ජනතාව කෝපයට සහ දැඩි අසහනයට පත්ව සිටින බවයි නීතිඥ සංගමය සදහන් කර සිටී