රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ (03) ජනතාවට විවෘත ලිපියක් යොමුකර ඇත.
ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගලය තෝරගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බවයි.
රට තුළ සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගැසූ තමන් සිරගතව ගෙවෙන 135වැනි දවස මෙම වසරේ ජනවාරි පළමුවැනිදා බව වසන්ත මුදලිගේ ලිපියෙන් අවධාරණය කරයි.
යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කළ, ආර්ථික දේශපාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලූ රටේ තවත් පිරිසක් බන්ධනාගාරය තුළ සිටින බවද වසන්ත මුදලිගේ ලිපියෙන් අවධාරණය කරයි.
ජීවන මට්ටමක් ගොඩනගාගෙන සිටි මැද පාංතික ජනතාව පවා අර්බුදය ඉදිරිපිට පහළට කඩාගෙන වැටී ඇති බවත් යථාර්ථය තුළ මැද පංතිය අහෝසි වෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද ඔහු ලිපියෙන් සදහන් කරයි.
රනිල් – රාජපක්ෂ ජුන්ටාව ඔවුන්ගේ වැඩ කටයුතු වෙනදා ලෙස සිදුකරගෙන යන බවත් අසමත් බව වසාගැනීම සඳහා දැන් ආණ්ඩුව අරගලයට විරුද්ධව විශාල මඩ අවලාද ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කරයි.
එම අවලාද මැද අපි සැවොම එකතු විය යුතු කාලයක් බවත් මෙය අරගලයේ ආරම්භය බවත්, අරගලය තවමත් අවසන් වී නොමැති බවත් කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනතාවට විවෘත ලිපියෙන් අවධාරණය කරයි.