මේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ලීසිං සමාගම් සීසර්වරුන් මගින් වාහන පැහැර ගැනීම නැවතත් ආරම්භ කර ඇතැයි පාසල් සිසුන් ප්රවාහන සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා චෝදනා කරයි.
අවධාරණය කර සිටියේ කොවිඩ් වෛරස වසංගත සමයේ මේ සඳහා යම් විසඳුමක් ලබා දී තිබුණ ද මේ වන විට නැවත වරක් ලීසිං සමාගම් සුපුරුදු පරිදි ජනතාව පීඩනයට පත් කරමින් සිටින බවය.
ඉන්ධන අර්බුදයට හා වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාමට විසඳුමක් ඉල්ලා සිටි ජනතාවට ලීසිං සමාගම්වලින් ලැබෙන පීඩනයත් එකතු වී ඇති බව ඔහු සදහන් කළේය.
අර්බුදවලට හසු වී සිටින එම සංගමයේ සාමාජිකයන් බොහොමයකට සේවයෙන් ඉවත් වන්නට සිදුවී ඇති අතර ඔවුන්ගේ පවුල් හා මේ සේවය ලබාගන්නා ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටියි.