ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති ගණනක් තිස්සේ නතර කර ඇත.
අතිශයින් ලාබදායක මුදලට තෙල් විකිණීමට රුසියාව ඉදිරිපත් වීම නිසා ඊට ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 72.6 ක් වේ. කෙසේ වෙතත් රජය මෙතෙක් එම තෙල් මිලට ගෙන නැත.
බලශක්ති අමාත්‍යාංශය මෙම රුසියානු තෙල් ඇණවුම් කර ඇත්තේ ඍජුව නොව ඩුබායිහි කොරල් එනර්ජි සමාගම හරහා බව වාර්තා වේ.මෙම කොරල් එනර්ජි සංගමය අයිති මෙරට දේශපාලකයකුට සම්බන්ධ ව්‍යාපාරිකයකුටය.
එරට රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට ඍජුව තෙල් සැපයීමට ඉදිරිපත් වුවත් බලශක්ති අමාත්‍යාංශය ඊට කැමැත්තක් දක්වා නැති බව වාර්තා වේ.