මෙරට සියලුම පෞද්ගලික බස්රථ ලබන සඳුදා (06) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.
බස් රථ ධාවනයට අවශ්‍ය ඩීසල් නිසි පරිදි ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් බව සභාපතිවරයා සදහන් කරයි.විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගන්නා බවත් ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.
රට තුළ බස් රථ ධාවනය සඳහා මේ සතිය තුළ ඩීසල් විධිමත්ව ලබාදීමට පියවර නොගතහොත් එලැඹෙන සඳුදා (06) සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා සඳහන් කළේය.