මෙරට ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරයි.මෙම මත්පැන් කර්මාන්තශාලා වලින් නිකුත් කරන මත්පැන් ප්‍රමිතියෙන් තොර බවට ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.
මෙම මත්පැන් සඳහා ප්රමිතීන් හඳුන්වා දීමෙන් පසු වෙළඳපොලෙන් ලබා ගත් මත්පැන් නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු ලැබුණු වාර්තාවන්ට අනුව එම නිෂ්පාදනාගාර දෙකෙන් නිකුත් කළ මත්පැන් අලෙවි කිරීම තහනම් කර ඇත.
මෙරට කළුතර සහ කුරුණෑගල පිහිටි මෙම නිෂ්පාදනාගාර දෙක පසුගිය මැයි මස 09 වැනිදා ඇති වූ කලබලකාරී තත්ත්වයේදී ගිනි තබා විනාශ කර ඇත.එම නිෂ්පාදනාගාර දෙක සීල් තබා ඇති අතර වෙළෙඳ පොළට නිකුත් කරන ලද මත්පැන් ආපසු එකතු කිරීමට ද කටයුතු කරයි.
මත්පැන් වල විෂ බීජ නාශක සදහා යොදා ගන්නා හානිකර රසායන ද්‍රව්‍ය පවා අඩංගුව තිබී ඇතැයි රස පරීක්ෂණ පරීක්ෂණ වලදී හෙළිවෙයි.වරද නිවැරදි කර නැවතත් මත්පැන් නිෂ්පාදනයට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.