එළඹෙන වසරේදී ඉතාම අබලන් තත්ත්වයේ පවතින අවුරුදු ගණනක් පුරා ප්‍රතිසංවිධානය නොකළ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා උතුරු දුම්රිය මාර්ගය ජනවාරි 05 වනදා සිට වසා තබන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කරයි.
එළඹෙන ජනවාරි මස 5 වනදා සිට මාස 05ක කාලයක් යන තෙක් අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා දුම්රිය ධාවනය නවතා දමන බවත් අනුරාධපුරයට පැමිණෙන මගීන් ලංකා ගමනාගමන මණ්ඩලයත්, පළාත් පුද්ගලික බස් රථත් එකතු වී අනුරාධපුරයේ සිට යාපනයට අඛණ්ඩව මගීන්ව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
2022 වසර මුල් මසකට දුම්රිය ආදායම මිලියන 400ක් බවත් දුම්රිය සේවාවන් පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අගෝස්තු මාසයේ සිට සෑම මාසයකම ගෙවුණු මාස වල දුම්රිය ආදායම මිලියන දහස ඉක්මවන තත්ත්වයකට පත්ව ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කරයි.