මෙරට සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 06 වැනිදා මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇත.
කොමිසම සදහන් කළේ, 2022 ඡන්ද හිමි නාම ලේඛනය හා වත්මන් දේශපාලන අර්බුදය හමුවේ පක්ෂවල අදහස් විමසීම හා කොමිසමේ ස්ථාවරය දැනුම් දීම සඳහා එම සාකච්ඡාව කැඳවා ඇති බවයි.
මෙරට ඔක්තෝබර් 31 වැනි දා වනවිට 2022 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේය.