හෙට සිට මත්තල ගුවන්තොටුපළ කරන්න යන දේ.!

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසර 2කට ආසන්න කාලයකට පසු හෙට (29) දින සිට නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් අවසන් වරට ගුවන් යානයක් පැමිණ තිබුණේ 2021 වසරේදී බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

හෙට (29) දිනයේ උදෑසන මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන Redwings ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ ගුවන් යානයක් රුසියාවේ සිට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට නියමිත බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

Redwings ගුවන් සමාගමට අයත් ගුවන් යානා වැඩි වාර සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි පී.ඒ. ජයකාන්ත සදහන් කරයි.

Redwings ගුවන් සමාගම එළඹෙන 2023 වසරේ සිට සතියකට නව ගුවන් වාර 2ක් බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර එය 3ක් දක්වා වර්ධනය කිරීමට නියමිත බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close