මෙරට මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ නිරත ගුරුවරු අද (19) එය වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වෙයි.
ඉන්ධන ලබාදීමේදී තමන්ට ප්‍රමුඛතාවය ලබා නොදෙන බවට විරෝධය දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කරමින් ශාන්ත මයිකල් විදුහලේ සිට මඩකලපුව පොලිසිය දක්වා විරෝධතා පෙළපාලියක පැමිණ ඇත.
පිරිස මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කර්යාලය වෙත ගොස් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව
මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් පසු විසිර ගොස් ඇත.
එහිදී විභාග කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දෙන බවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා ගුරුවරුන්ට ලබාදුන් පොරොන්දුවක් මත මෙම පිරිස විසිර ගොස් ඇත.