මෙරට ප්‍රවාහන ගැටලු අවම වන පරිදි ගුරුවරුන්ට සිය ළඟම පාසල සඳහා තාවකාලිකව අනියුක්තවීමට පහසුකම් සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ,
පහසුකම් සැලසීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලතල පැවරෙන පරිදි අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවයි.
එහෙත් මෙම අනියුක්ත කිරීම්වලදී සිසුන්ගේ අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි කටයුතු කළ යුතු බව ද අමාත්‍යාංශය සදහන් කළේය.ජාතික පාසල් හා පළාත් පාසල් භේදයකින් තොරව මෙම අනියුක්ත කිරීම් සිදු කළ හැකියි.
පාසලක අතිරික්ත ගුරුවරුන් සංඛ්‍යාවක් සිටි නම් අනුප්‍රාප්තිකයෙකු නොමැතිව අදාළ ගුරුවරයාට ළඟම පාසලට අනියුක්ත විය හැකි අතර එසේ නොවන කල්හි අනුප්‍රාප්තිකයෙකු සහිතව එම පහසුකම සලසා ගත හැකි බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.
අනියුක්ත කිරීම් බල පැවැත්වෙන්නේ දෙසැම්බර් 31 වැනි දා දක්වා පමණි.රටේ පවතින ඉන්ධන අර්බුදයත් සමග හටගෙන ඇති ප්‍රවාහන ගැටලු හේතුවෙන් මේ තීරණය ගත් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.