මේ මොහොතේ රට මුහුණදී සිටින විදුලිබල ප්රශ්නය විසඳීමට විෂය භාර කංචන විජේසේකර ඇමතිවරයාට නොහැකි බවත් එම ප්රශ්නය විසඳීමට නම් දන්නා සුනම්‍ය අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය (03) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරයි.
පවතින විදුලිබල ප්‍රශ්න පෙන්වා දෙන වෘත්තිකයින් මෙම ඇමතිවරයා ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට උත්සහ දරන බවත් තමන් ඇතුළු විෂය දන්නා වෘත්තිකයින් ආයුධවලින් නොව දැනුමෙන් සන්නද්ධ බවද විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න සදහන් කරයි.
ප්‍රශ්න පෙන්වා දෙන වෘත්තිකයින්ට ත්රස්තවාදීන් යැයි පවසන පුද්ගලයින් දැනුමෙන් සන්නද්ධ නොවීම ගැන තමන් නියෝජනය කරන පාර්ශවයට කළහැකි දෙයක් නැතත් ප්රශ්නය විසඳීම සඳහා ඊට ගැළපෙන ඇමතිවරයෙක් ජනාධිපතිවරයා විසින් පත්කරන්නේ නම් විසඳුමකට පැමිණිය හැකි බවද සභාපති නිහාල් වීරරත්න තවදුරටත් සදහන් කරයි.