කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම තැන්පතු සහ පොරොන්දු නෝට්ටු 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුළදී සම්පූර්ණයෙන් නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට නියෝග කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව එම තීරණය ගෙන ඇති අතර කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මුහුණ දුන් ප්‍රාග්ධන ඌනතා තත්ත්වය මත එම පියවර ගත් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ එම මහජන වගකීම් ගෙවීමෙන් පසු එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වන ලෙසටද නියෝග කර ඇත.
ආයතනයේ තැන්පතුකරුවන්ගේ සහ පොරොන්දු නෝට්ටුහිමියන්ගේ යහපත උදෙසා ඉහත කී නියෝගය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.