නව කැබිනට් අමාත්‍යවරුන් 12ක් සහ ආණ්ඩුකාරවරුන් 06ක්.!

කැබිනට් මණ්ඩලයට නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් 06 දෙනෙකු මෙම ජනවාරි මස අග පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨයන් වැඩි දෙනෙකුට අමාත්‍ය ධූර හිමිවනු ඇති බවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසකට අමාත්‍ය ධූර පසුගිය දිනක පිරිනැමීමට නියමිතව තිබුණත් එය දිනෙන් දින කල් ගියේය.

පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබා දීමට එකඟත්වය පළ වී ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම, බස්නාහිර සහ සබරගමු පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබාදීමට එකඟත්වය පළ වී ඇති බවද වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close