හෙට (05) දිනයේ 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇත.
රටේ සියලුම රාජ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇත.
හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍යය අවසන් කටයුතු හෙට දින සිදුකිරීමට නියමිතව ඇත.