මෙරට අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝබර් හා නොවැම්බර් මාස අතර පැවැත්වීමට මේ වනවිට සුදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේය.
මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙම අදහස් පළ කර ඇති බවට වාර්තා වේ.
අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට මේවනවිට සුදානම් කරගෙන යනවා. ඒ වගේම පහේ ශිෂ්‍යත්ව විභාගය. අපි බලාපොරොත්තු වෙනවා 2023 වර්ෂය ආරම්භ වීමට මත්තෙන් 2022 දෙසැම්බර් මාසයේ, 22 හා 23 යන දින දක්වා බොහෝ දුරට පාසල් පැවැත්වීමට ඉඩ තියෙනවා.
එම කාලසීමාව තුළ අපි අධ්‍යාපන කේෂ්ත්‍රයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කරලා, දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදීලා 2022 වසරේ විෂය නිර්දේශය ආවරණය කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම පාසල් තුළ නිර්මාණය කරන්න.”