මෙරට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස,
කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.
මෙරට සාමකාමී විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් නොකරන අතර මහජනතාවට පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණකරුවන් හැසිරුණහොත්,
පොලිස් බලතල පාවිච්චි කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.