රටේ ජනතාව සිවුවන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත හැකි ඉක්මනින් ලබාගන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාගෙන් ඉල්ලීමක් කරයි.
ලෝකයේ රටවල වෛරසය යළි ව්‍යාප්තවීමේ අවදානමක් ඇති නිසා රට තුළ ඇති ‘සයිනොෆාම්’ එන්නත ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඇති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.
එම සිවුවන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාව ලෙස ලබාදුන් ෆයිසර් එන්නත් කල් ඉකුත් වීම මත භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 26ක් පමණ රට තුළ ඉතිරිව ඇති බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.
ශ්‍රී ලංකාව තුල යළිත් වෛරස ව්‍යාප්ත වීම අවදානමක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය දැඩි අවධානයෙන් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ තවදුරටත් සදහන් කරයි.