ටිකෙන් ටික යළිත් කොරෝනා ආසාදිතයින් හමුවෙයි.!

කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් ඊයේ දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයින් 05දෙනෙකු හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 671,903ක් දක්වා ඉහළ යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ කිසිදු කොවිඩ් – 19 ආසාදිත මරණක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ගෝලීය කොවිඩ් අවදානම දිනෙන් දින යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාවද ඒ සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close