මෙරට වව්නියාව ගණේෂපුරම් ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියකගේ සිරුරක් ළිඳක තිබී (30) රාත්රියේ ගොඩට ගත් බවට වව්නියාව පොලීසිය සදහන් කළේය.මිය ගිය දැරිය 15 හැවිරිදි රාසේන්ද්රන් යදුසිකා නැත්තියක් බව පොලීසිය සදහන් කළේය.
සිසුවිය උදෑසන උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් නෙලුක්කුලම් පොලීසියට දැනුම් දී ඇති අතර පසුව ප්රදේශවාසීන්ගේද සහය ඇතිව අදාල සිසුවිය සේවීමට පොලීසිය පියවර ගෙන ඇත.
පොලිස් නිල සුනකයින් සහ යුද හමුදාවද එක්ව රාත්රිය වන තෙක් සොයා ඇති අතර එහිදී දැරියගේ බවට සැකකෙරුනු සපත්තු දෙකක් ළිඳකට මීටර් 50 ක් පමණ ආසන්නයේ තිබී හමුවීම හේතුවෙන් එම ළිඳ පරික්ෂා කර ඇත.ළිඳතුල තිබී දැරියගේ මළසිරුර හමු වී ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.
සිසුවියය ළිඳට පැන සියදිවි හානිකරගත්තේද එසේත නැතිනම් යමෙක් විසින් ළිඳට දැමුවේද යන්න පිළිබඳව සෙවීමට සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් වව්නියාව මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර මරණ පරික්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව අනාවරනය කරගැනීමට හැකිබව පොලීසිය සදහන් කරයි.