එක් පුද්ගලයෙකු විසින් සිය පවුලේ සාමාජිකයින් 07 දෙනෙකු ඝාතනය කළ සංවේදී පුවතක් අමෙරිකාවේ Enoch City ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම ඝාතනයට හේතුව ඔහුගේ 40 හැවිරිදි වියේ පසුවන බිරිඳ විසින් ගොනුකළ දික්කසාද නඩුවක් බවත් අනතුරුව ඔහු සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කර ඇත.
එම පුද්ගලයා කාන්තාව සහ දරුවන් පස් දෙනෙකුට මෙහිදී වෙඩි තබා ඝාතනය කර ඇති බවත් අනතුරුව 42 හැවිරිදි වියේ පසුවන ඔහුද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඝාතනය කළ පුද්ගලයින් අතර ඔහුගේ 78 හැවිරිදි බිරිදගේ මවද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.