මෙරට ගාලුමුවදොර හා අරලියගහ මන්දිරය ආශ්රිත ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී සිදුවීමට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ විමර්ශන ආරම්භ කරයි.
මෙරට රහස් පොලිසිය විසින් ඔහුගේ ජංගම දුරකථනය ඔවුන්ගේ භාරයට ගෙන එම දත්ත ලබා ගෙන ඇත.සිද්ධිය වූ දින දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දුරකථන ලැබුණු ඇමතුම් සහ ඔහු ලබාගත් ඇමතුම් පිළිබඳ දත්ත මෙහිදී විශ්ලේෂණය කිරීමට නියමිතය.