උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්.

මෙරට අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර ජුනි 17 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සදහන් කළේය.එම ඇගයීම් කටයුතු ජුනි 26 වනදා දක්වා සිදු කරයි.පාසල් 85ක ඇගයිම් මධ්‍යස්ථාන 106ක් ක්‍රියාත්මක වන බව සදහන් කළේය.

අපොස සාමාන්‍ය පෙළ (2021) විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරු 32,368ක් සේවයේ යෙදවීමට නියමිතව ඇත. මැයි 23 වනදා ආරම්භ කළ අපොස සාමාන්‍ය පෙළ (2021) විභාගය අද (01) නිමා වුයේය.

විභාග කොමසාරිස් සදහන් කළේ, 2021 උසස් පෙළ පිළිතුරු පත්‍රවල ලකුණු ඇගයීම් ශාඛාව විසින් මේ වනවිට පරිගණක ශාඛාවට යවා ඇති බවයි.

“සාමාන්‍යයෙන් දෙසැම්බර් විභාගය තිබ්බාම සිංහල අවුරුද්දට කලින් ප්‍රතිඵල දෙනවා කියල නේ කියන්නේ. හැබැයි මෙවර එහෙම්ම ම කරන්න පුළුවන් වෙයිද දන්නෑ. මොකද ඒකට හේතුව දැන් අපි භාගෙට නතර කරලා තියෙන්නේ උසස් පෙළ.”

“සාමාන්‍ය පෙළ ඉවර වුණා.. දැන් ආපහු පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව යන්න ඕනේ උසස් පෙළ ප්‍රතිඵල දෙන්න.”

“උසස් පෙළ ලකුණු ටික දැන් ඇගයීම් ශාඛාවෙන් ලබාදීලා තියෙනවා පරිගණක ශාඛාවට. ඒ දෙන අතරේ තමයි මේ ප්‍රතිඵලයත් එන්නේ. ඒ අතරෙම තමයි එන උසස් පෙළ සහ ශිෂ්‍යත්වයත් සංවිධානය වෙන්නේ.”

“ප්‍රතිඵල දෙන්න තියෙනවා දැන් විභාග දෙකක. මේ සාමාන්‍ය පෙළ සහ පසුගිය උසස් පෙළ.මෙහෙම යන අතරේ දෙසැම්බර් තියෙන සාමාන්‍ය පෙළ ආයේ පවත්වන්න වෙයි පෙබරවාරි මාර්තුවල.”

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close