ගැබිණි මව්වරුන්ට දෙන්න ත්‍රිපෝෂ නෑ.

මෙරට ගැබිණි මව්වරුන්ට ලබා දීමට ත්‍රිපෝෂ නොමැති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සොයිසා මහත්මිය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසයේ සිට ත්‍රිපෝෂ හිඟයක් පැවති බවයි.

මෙරට බඩ ඉරිඟු අස්වැන්න නොමැතිවීම ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාලවීමට හේතුව වී ඇත.ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීම සඳහා විදෙස් සංවිධානවලින් ආධාර ඉල්ලා ඇතැයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සොයිසා මහත්මිය ප්‍රකාශ කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close