රට තුළ පවතින වත්මන් ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිස් පාපැදි භාවිතයට යොමුව ඇති බැවින් එම ජනතාවට පොලිසිය විශේෂ දැනුම්දීමක් කරයි.
මෙරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ රාත්‍රී කාලයේ පාපැදි භාවිත කිරීමේදී විදුලි පහන් දල්වා ගමන් කරන ලෙසටයි.
රථ වාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇත්තේ පාපැදිකරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර, ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසටයි.
ගතවූ කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 1,202න් මියගිය පුද්ගලයන් 96 දෙනකුම පාපැදිකරුවන් බැවින් වඩාත් සැලකිල්ලෙන් පාපැදිවල ගමන් කරන ලෙසද නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.