මෙරට විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව ලබන සඳුඳා කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.
මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බවයි.
මෙරට මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276 ක් වේ. එහෙත් වියදම රුපියල් බිලියන 750 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සභාපතිවරයා සදහන් කළේය.