පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ සතිය අගදී ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව ආරංචිමාර්ග වාර්තා කරයි.
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඒ මහතා විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තත්වය පැහැදිලි කිරීමට ද නියමිත බව වාර්තා වේ.
ඉන්පසු මේ සතිය අගදී ඒ මහතා කෙටි කලකට ඇමරිකාව බලා පිටත්ව යනු ඇති අතර නැවත පැමිණ පූර්ණ කාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිසංවිධාන කටයුතුවල නිරත වීමට ද ඒ මහතා තීරණය කර ඇති බවත් වාර්තා වේ.