මෙරට වාර්ෂික පාසල් කාලසටහන් අනුව ලබාදෙන පාසල් නිවාඩු දින ගණන යම් තරමකට සීමා කිරීමට තීරණය කරයි.අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහ වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කරයි.
මෙරට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ, වාර්ෂිකව ආවරණය කළ යුතු කාලච්ඡේදවලට බාධාවක් නොවන ලෙස පාසල් පැවැත්වීමට ද තීරණය කර ඇති බවය.
රටේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දෙමින් පාසල් පැවැත්වීමට කටයුතු කරන්නැයි, අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද, අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන් පාසල් වෙත පැමිණීමේදී ඇතිවන ප්‍රමාදයන්, නිළ ඇදුම්වලට අදාළ ගැටලු මුල්කරගනිමින්, අධ්‍යාපන කටයුතුවලට බාධා නොකරන ලෙසටයි.
ඉන්ධන අර්බුදය හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.