අරගලයට එල්ල වු ප්‍රහාරයේ දී බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉටුකළ යුතු සියලු රාජකාරි හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ බවත්,
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව එදින කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරයි.
නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවු අවස්ථාවන් හිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තමාට විරුද්ධව අසත්‍ය චෝදනා එල්ල කිරීම,
එම සාවද්‍ය තොරතුරු වලට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දීම හේතුවෙන් වසර 24 ක පොලිස් සේවා කාලයක් හිමි තමන්ගේ කීර්තිනාමයට බලවත් හානියක් සිදුවී ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිය ලිපිය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
අරගලකරුවන්ට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය ඉදිරිපත් කර ඇති ඇති බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.