අගමැති රනිල් මාධ්‍ය සහය ඉල්ලයි.ජුනි 20 ලංකාවේ දැවැන්ත වැඩක්.

මෙරට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍යය ආයතන වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. එනම් ජුනි 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණෙන බවය.

මෙම ජුනි මාසය අවසන් වන විට IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

ඊයේ (9) පස්වරුවේ මෙරට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවකදියි මේ බව සදහන් කළේය.

සිදුකළ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර් .එස්.එච්.සමරතුංග රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව දැනුවත් කර ඇත.

මෙරට පවතින ආහාර හිඟය හේතුවෙන් තමන් රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන දියත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන තුළින් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් 10%කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

මේ රටේ තත්ත්ව සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වන ලෙසයි ඔහු මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.

අවශ්‍ය විටෙක මාධ්‍ය විසින් රජයට වගවිය යුතු බවත්, නමුත් ඒ සමඟම වගකීම් සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close