රටේ ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් තවදුරටත් එහි ඉන්නවාද නැද්ද යන්න තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මාධ්‍ය හමුවකදී සදහන් කරයි.
විදුලිබිල වැඩිකළහොත් රටේ ජනතාව විශාල වශයෙන් තවදුරටත් පීඩාවට පත්වන බවත් ආදායම් වැඩිකරගැනීම සඳහා වෙනත් යෝජනා ක්‍රියාවට නැංවිය යුතු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
රට තුළ යළිත් වරක් විදුලිබිල වැඩිකර ඉදිරි මැතිවරණවලදී රෙදි ඇඳගෙන ජනතාව අසලට යාමට නොහැකි වන බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.