මෙරට කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක් පැවැත්විය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ නිවසේ සිට රාජකාරි සිදුකිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත්,
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂම ලබාදිය හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සඳහන් කළේය.