පාප් වහන්සේ අසනීප වෙයි.සියලුම සංචාරයන් අවලංගු කරයි.

අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට තීරණය කරයි.දණ හිසේ හටගෙන ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

ජූලි මස 2 වනදා ආරම්භවීමට නියමිත තිබු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති අතර මේ සම්බන්ධයෙන් අප්‍රිකානු ජනතාවගෙන් තමන් සමාව ඇයැද සිටින බව පාප් වහන්සේ නිවේදනය කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 85 හැවිරිදිය. හට ගෙන ඇති දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ මාසයකට අධික කාලයක් රෝද පුටුවක් භාවිතා කරන බවද වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close