විදුලි කැපිල්ල තවත් වැඩිවෙයි.නොරොච්චෝල කොටසක් මාස දෙකක් වසා දමයි.

මෙරට නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අනිවාර්යය නඩත්තු කටයුතු සඳහා අනිද්දා දිනයේ සිට ක‍්‍රියා විරහිත කිරීමට නියමිතව ඇත.මාස දෙකකට අධික කාලසීමාවක් සඳහා වසා දැමෙනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

යන්ත්‍ර සඳහා වසර 5 කට වතාවක් සිදු කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුතු සඳහා අඩුම වශයෙන් දින 75 ක පමණ කාලයක් ගත වේ.නොරොච්චෝල එක් ජනන යන්ත‍්‍රයකින් දෛනිකව මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරමින් සිටියි.

මෙරට දැනට විදුලි කප්පාදුවක් සිදු වෙමින් ඇති පසුබිමක මෙම බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත් වූ පසු දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ වීමට වැඩි ඉඩකඩක් ඇත.ජල විදුලි බලාගාර වැඩි වශයෙන් දායක කරගෙන දැනක ජාතික විදුලි ඉල්ලුම සපුරාලමින් ඇති අතර ඩීසල් හිගය හේතුවෙන් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අපහසු වී ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close