ඉන්ධන නෑ.කොළඹ කුණු එකතු කිරීමත් නවතී.

මෙරට පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් අද දින (14) සිට කොළඹ දිස්ත්‍රික්කයේ දිසා බල ප්‍රදේශ දෙකක අපද්‍රව්‍ය එකතු කිරීම හා ගළි බවුසර් සේවාව තාවකාලිකව නැවැත්වීමට සිදු වන බව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ස්ථාවර කාරක සභාවේ සභාපති මහේන්ද්‍ර සිල්වා සදහන් කළේය.

බොරැල්ල හා මැද කොළඹ ප්‍රදේශයන්හිය. කොළඹ දිස්ත්‍රික්කය තුළ දිසා කාර්යාල හයක් පිහිටා ඇති අතර ඉන් බොරැල්ල හා මැද කොළඹ පමණක් කොළඹ මහ නගර සභාව මගින් පාලනය වේ.

තවත් ඉතිරි දිසා කාර්යාල පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ට ඉන්ධන ගැටලුවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

මෙරට කොළඹ නගර සභාව විසින් පාලනය වන එක් ප්‍රදේශයක් තුළ කම්පැක්ටර් අපද්‍රව්‍ය ට්‍රක් රථ 20ක් පමණ දිනකට ක්‍රියාත්මක වන බවත් ඊයේ (13) දින අපද්‍රව්‍ය රැස් කළ පසු අද සිට ඉන්ධන ලැබෙන තෙක් එම ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය රැස් කිරීම නැවැත්වීමට සිදුවන බව සදහන් කළේය.

නගර සභාවේ අපද්‍රව්‍ය එකතු කිරීමට යොදාගන්නා කොම්පැක්ටර් ට්‍රක් රථ හා ගළි බවුසර් සඳහා ඉන්ධන ලබාදීමට බොරැල්ල කැම්බල් උද්‍යානයේ හා මාදම්පිටියේ ඉන්ධන පිරවුම්හල් දෙකක් පැවති නමුත් මේ වනවිට ඉන් ක්‍රියාත්මක වන්නේ මාදම්පිටියේ ඉන්ධන පිරවුම්හල පමණක් බව සභාපතිවරයා සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close