අලුත උපන් බිළිදා පණ පිටින්ම නිවසේ වල දමයි.. බල්ලන් සිරුර කා පාරේ ඇදගෙන යයි.!

අලුත උපන් කුඩා බිළිදෙක් පණපිටින්ම නිවස පිටුපස වලදා තිබියදී පාරේ යන සුනකයින් විසින් කා පාරේ ඇදගෙන යන පුවතක් යාපනය වත්තිරායන් ප්‍රදේශයේදී වාර්තා වේ.

මරදන්කේනි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් තම බිළිඳා නිවසේම ප්‍රසූත කොට නිවස පිටුපස ගෙවත්තේ පණපිටින්ම වලදමා ඇතැයි මරදන්කේනි පොලීසිය සදහන් කරයි.

එම කාන්තාවට තවත් දරුවන් දෙදෙනෙකු සිටින අතර සැමියාගෙන් වෙන්ව තනිව ජීවත් වන එම කාන්තාව අනියම් සම්බන්ධයක් හේතුවෙන් එම ගැබ්ගැනීම ප්‍රදේශවාසීන්ගෙන්ද සඟවා බිළිඳා නිවසේම ප්‍රසූත කර ඇත.

බිළිඳා නිවසේ ප්‍රසූත කිරීමෙන් පසුව අසල්වාසීන්ගෙන් සඟවා බිළිඳා පණපිටින්ම වලදැමීමට ඇය පියවර ගෙන ඇති අතර පසුව ප්‍රදේශයේ සැරිසරන සුනකයින් විසින් බිළිඳා සොයාගෙන ගොඩට ගෙන මාර්ගයක ඇදගෙන යමින් සිටියදී අසල්වැසි කාන්තාවක් එය දැක පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පරික්ෂණ පැවත්වූ මරදන්කේනි පොලීසිය විසින් එම 36 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 11 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චිය අධිකරණය නියෝග කර ඇත.

අනතුරුව පොලීසිය පැමිණ එම බිළිඳාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය රෝහලට යවා ඇති බවද වාර්තා වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close