අද (02) දින සිට රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000 ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම ආරම්භ කරයි.
විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින්ය.
මෙම 2023 වසරේ පෙබරවාරී 28 වැනිදායින් පසු කිසිදු ගෙවීමක් කිරීමට අවසර හිමිනොවන අතර අදාළ මුදල්, 2023 වසර තුළ අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සදහන් කළේ, එළඹෙන මස අවසන් වනතෙක් රාජ්‍ය සේවකයින්ට එම දීමනාව ලබාගැනීමට අවස්ථාව පවතින බවයි.