වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම (සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්) යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹදී අද (01) දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරයි.
රටේ විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවද මහජන උපයෝගිතා කොමිසම සභාපතිවරයා සදහන් කරයි.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.
රටේ පවතින වත්මන් තත්ත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බවත් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බවද සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.