විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව විදුලිබල මණ්ඩලය කටයුතු කළහොත් ඊට නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සදහන් කරයි.
මෙවර විදුලි බිල ඉහළ යෑමට යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා අත්‍යවශ්‍ය සාධක කිසිවක් වෙනස් වී නැති පසුබිමක බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සදහන් කරයි.
ඉන්ධන මිල, ගල් අඟුරු මිල ඉහළ යාමක් හෝ රුපියල අවප්‍රමාණය වීම මෙම කාල සීමාව තුළ සිදු වී නැති බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.
පසුගිය අවසන් වරට විදුලි බිල ඉහළ දැමීමත් සමඟ විදුලි බල මණ්ඩලය ලාභ උපයා ඇති බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක තවදුරටත් සදහන් කරයි.