කුවේට් කාන්තාවක් මියගිය තම දියණියගේ මළ සිරුර වසර පහක් නිවසේ සඟවාගෙන සිටි පුවතක් වාර්තා වෙයි.දියණියගේ සිරුර වැසිකිළියක නරක් වී තිබියදී සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු මව පාපොච්චාරණය කර ඇත්තේ දියණිය බිම වැටී මියගොස් සිටිනු දැක නීතිමය දඬුවමට බිය වූ නිසා මළ සිරුර සඟවා තබාගත් බව.
මෙම ඝාතනයට ලක් වූ දියණියගේ සහෝදරයෙකු තම මවට එරෙහිව සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියව නිවසේ කුඩා කාමරයක සිරකර ඇයට හිරිහැර කළ බවත් ඇයගේ හැසිරීම පාලනය කිරීමට මව උත්සාහ කළ බවත් සදහන් කළේය.
මෙම අදාළ සිද්ධියට වරදකාරිය වු කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට එරට අධිකරණය නියෝග කර ඇත. මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර මරණීය දණ්ඩනය ඉල්ලා සිටින බව නීතීඥයින් පෙන්වා දී ඇත.