අසල්වැසි ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යලි විකිණීමේ සූදානමක් ඇතැයි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.
පර්යන්තයේ ඉදිකිරීම් සිදුකර කර ඇතත් දොඹකර ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඇණැවුම් කිරීම ප්‍රමාද කරමින් කටයුතු කිරීම සැක සහිත බව එම සන්ධානයේ කැඳවුම්කරු ලාල් බෙම්ගමගේ සදහන් කළේය.
කොළඹ වරාය පරිශ්‍රය ඇති අක්කර 13 ක ඉඩමක් ද විකුණා දැමීමට ටෙන්ඩර කැඳවා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.