මෙරට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉවත් වනතුරු හෙට (20) සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව විපක්ෂ සමගි ජන බලවේගය සදහන් කරයි.අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ බව සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් හෙට උදෑසන 10.00ට මාධ්‍ය හමුවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ද සදහන් කළේය.ඉන් අනතුරුව දිවයින පුරා විවිධ විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මන්ත්‍රීවරයා සදහන් කළේය.
“මේ ජනාධිපතිවරයා ඉන්නකම් මේ රටට ලෝකයේ ආධාර හම්බ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉඳලා අද මේ රට කාබාසීනියා කරලා තියෙන්නේ. අපි 2019 මේ ආණ්ඩුව භාර දෙනකොට රටේ ආර්ථිකයේ කිසි ප්‍රශ්නයක් එහෙම තිබුණේ නැහැ. මේක විනාශ කරලා දැන්.
අන්තිමට දැන් මේ රටේ ඔක්කොම මිනිස්සු කියන්නේ මේ මිනිහට යන්න කියලා. මේ ජනාධිපතිවරයාට. එයා ඉඳගෙන අනිත් එක එක්කෙනා යවනවා.”