මෙරට පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරයි.
පොලීසිය පවසන්නේ කොටුව මහෙස්ත්රාත් අධිකරණය මගින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති අතර කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය නවුඩ 2022.07.05 වන දින නැවත කැඳවීමට නියමිත බවයි.

