රක්ෂිත බන්ධනාගාරගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාවට ගොස් ඇති බවත් තමිල්නාඩු බුද්ධි අංශ සහ ප්‍රාන්ත පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.
තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙස ප්‍රාන්තය පුරා ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද වාර්තා කරයි.
වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙසත්, 2022 දෙසැම්බර් 25 වන දින ඔහු රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට ගොඩ බැස ඇති බවද වාර්තා කරයි.
තවද ඔහුගේ සගයා සොයා බලන ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර ඇති බවද සදහන් කරයි.