මෙරට අධිකරණ නියෝගයක් ලබා දුන්නද මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්ර අධිකරණ භාරයට භාරදීමට මෙතෙක් ඔවුන් අපොහොසත් වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මෙම කරුණු අනාවරණය කළේ සාමකාමී විරෝධතාකරුවන්ට මැර ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී.
මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්රනාන්දු, සනත් නිශාන්ත, රේණුකා පෙරේරා සහ මහින්ද කහඳගම ඇතුළු කිහිප දෙනෙකු මෙතෙක් තම විදේශ ගමන් බලපත්ර අධිකරණ භාරයට භාරදීමට අපොහොසත් වී ඇති බව ජිනසේන මෙනවිය අධිකරණයට ප්රකාශ කර ඇත.
ජොන්ස්ටන් ප්රනාන්දු, සනත් නිශාන්ත, රේණුකා පෙරේරා සහ මහින්ද කහඳගම යන මහත්ම මහත්මීන්ගේ විදේශ ගමන් බලපත්ර නිවාසවලට ගිනි තැබීමේදී විනාශ වී ඇති බවට රහස් පොලිසියට දන්වා ඇතැයි ඇය වැඩිදුරටත් සදහන් කරයි.