මෙරට පුරා ඇති රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා අඩපණ වී ඇතැයි වාර්තා වෙයි.විමසීමකදී කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.
පවතින තත්ත්වය හේතුවෙන් රෝගීන්ගේ ජීවිතද දැඩි අවධානමකට ලක්ව ඇත.එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් වල සේවකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.
මෙරට බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.රෝහල්වල දොස්තරවරුන්ද තෙල් පෝලිම් වල රැදී සිටියි.